Search

ඔස්ට්‍රේලියාවේ සරසවි හිංසන වළක්වන්න නව ප්‍රඥප්තියක්

විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ලිංගික හිංසනයන් පිටදැකීම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට අත්සන් කිරීමට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පාලනාධිකාරිය එකඟවී තිබෙනවා.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සිසුන් චෝදනා ගනන්නේ 2017 වසරේ ලබා දුන් පොරොන්දුම නව ප්‍රඥාප්තිය මගින් නැවත ආවර්ජනය කර ඇති බවයි.

නව ප්‍රඥප්තිය අනුව විශ්ව විද්‍යාල පරිශ්‍ර තුල සිදුවන ලිංගික හිරිහැර ඇතුලු ප්‍රචණ්ඩ ක්‍රියා විසඳීම සඳහා පාලනාධිකාරිය වැඩි ප්‍රමුඛත්වයක් යටතේ සිදු කරනු ඇති.

ලිංගික හිංසනයන්ට ගොදුරු වුවන්ට පැමිණිලි කිරීමට අදාළ ඔම්බුඩ්ස්මන් තනතුරක් ඇති කිරීම සහ ඒ පිළිබද නිරීක්ෂණය සඳහා ස්වාධීන කාර්ය සාධක බලකායක් ස්තාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

නව ප්‍රඥප්තිය යටතේ විශ්ව විද්‍යාල පාලනාධිකාරය කරුණු 9කට එකඟවී ඇති අතර ලිංගික හිංසනවල සංඛ්‍යාත්මක තොරතුරු හෙළි කිරීම, ලිංගික හිංසනයන් කිසිසේත් පිළිගත නොහැකි බව ප්‍රකාශ කිරීම ඇතුලු විෂය මාලා මගින් මේ පිළිබද සිසුන් දැනුවත් කිරීම මේ යටතට ඇතුලත්.

ලිංගික හිංසනයන්ට ගොදුරු වු සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන අතර සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියම නව ප්‍රඥප්තිය හා ගිවිසුම් ගතවිය යුතු බව අධ්‍යාපන බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »