
යුරෝපයේ විශාලතම සක්‍රීය ගිනි කන්ද වන සිසිලියේ එට්නා කන්ද විදාරණය වීම අරඹමින් දර්ශනීය දුම් වළලු නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
එම දුම් වළලු ගිනි කන්දේ වේගවත් වායු මුදා හැරීම සහ එම ප්‍රදේශයේ පවතින සුළං සංයෝජනයෙන් නිර්මාණය වූ දුර්ලභ සංසිද්ධියක් ලෙසටයි සැලකෙන්නේ.
මේ වන විට එට්නා ගිනි කන්දේ නව ආවාටයකින් දුම් පිටවන බව සඳහන්.

කැටානියා බොරිස් හි ජාතික භූ භෞතික විද්‍යා හා ගිනිකඳු විද්‍යා ආයතනයේ ගිනිකඳු විද්‍යාඥ බොරිස් බේක් ෆේස්බුක් සටහනක් මගින් පැහැදිලි කළේ පෘථිවියේ කිසිදු ගිනි කන්දක් එට්නා තරම් ගිනිකඳු සුළි වළලු නිපදවන්නේ නැති බවයි.
විශාල ගිනි කඳු පිපිරීම්වලදී බොහෝ විට වසා දමන අවට ගම්වල හෝ කැටානියා ගුවන් තොටුපළේ මෙවර විශේෂිත බාධාවක් පිලිබඳ වාර්තා වී නැහැ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එට්නා ගිනි කන්ද පසුගිය දශකය පුරාවටම පාහේ නිරන්තර ක්‍රියාකාරීත්වයක පවතින බවයි.
2021 වසරේදී එට්නා මාස හයක් පුරා ලාවා විශාල ප්‍රමාණයක් පිට කළ අතර එහි උස මීටර් 30 කින් පමණ වැඩි වී තිබුණා.
මීටර් 3357ක් උසින් පිහිටි එට්නා දකුණු ඉතාලියේ උසම කඳු මුදුන ලෙසට ද සැලකෙනවා.
කඳු මුදුන් ප්‍රදේශය ප්‍රධාන ආවාට පහකින් සමන්විත වන අතර බොහෝ පිපිරීම් සිදුවන්නේ මෙම ආවාට වලින් එකක බව සඳහන්.
බොහෝ විට ප්‍රචණ්ඩකාරී හා දර්ශනීය වන එම පිපිරීම් අවට මිනිස් ප්‍රජාවන්ට තර්ජනයක් වන්නේ කලාතුරකින් බවයි සැලකෙන්නේ.