ඩොලර් මිලියන 50ක් දිනා ගන්න ඔස්ට්‍රේලියානුවන්ට හෙට (09) අවස්ථාව

ඩොලර් මිලියන 50ක ඔස් ලොටෝ (Oz Lotto) ජැක් පොට් දිණුම් ඇදීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසරේ සිදු කෙරෙන විශාලතම දිණුම් ඇදීම මෙය වන අතර ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් ඒ සඳහා ලොතරැයි මිලදී ගනිමින් ඇතුලත් වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනුම් ඇදීමේ වාර 6 තුළ කිසිදු ජයග්‍රාහකයෙකු බිහි නොවීම හේතුවෙන් මෙවර සුපිරි ත්‍යාග මුදල ඩොලර් මිලියන 50ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ලොට් ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් සඳහන් කළේ 2024 වසරේ මේ දක්වා කාලය තුල සිදු කෙරෙන විශාලතම දිනුම් ඇදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු වැඩිහිටියන් හය දෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රවේශ වී ඇති බවයි.

ඒ අනුව හෙට දිනුම් අදින Oz Lotto සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කළ හොත් 2024 වසරේ තුන්වන විශාලතම ලොතරැයි ජයග්‍රහණය එය බවට පත් වනු ඇති.

හෙට බිහි වන ජයග්‍රාහකයා දෙවැනි වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තාගත ඩොලර් මිලියන 200ක පවර්බෝල් ත්‍යාගය බෙදාගත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනාට පමණයි.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »