Search

දියණියට මවක් වෙන්න සිරුරෙන් කොටසක් දුන් සිඩ්නි මව

බද්ධ කළ ගර්භාෂයකින් සාර්ථකව දරුවෙකු බිහි කරවීමට සිඩ්නි හි කාන්තාවන් සඳහා වූ රාජකීය රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

ඒ අනුව හෙන්රි බ්‍රයන්ට් නම් කුඩා බිළිඳා බද්ධ කළ ගර්භාෂයකින් ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පළමු දරුවා ලෙසටයි ඉතිහාසගත වී ඇත්තේ.

මෙම උපතේ තවත් විශේෂත්වයක් වන්නේ තම දියණියට ගැබ් ගැනීමට උපකාර කිරීම සඳහා එම ගර්භාශය පරිත්‍යාග කර ඇත්තේ ඇයගේ 55 හැවිරිදි මව විසින් වීමයි.

සිසේරියන් සැත්කමක් හරහා පසුගියදා බිළිඳා උපත ලැබූ අතර බිළිඳාගේ මවගේ වයස අවුරුදු 33ක්.

මෙය තමන්ගේම දරුවෙකු උපත ලැබීම හා සමාන හැඟීමක් දැනෙන බවයි ගර්භාෂය පරිත්‍යාග කළ එම මිත්තණිය සඳහන් කර ඇත්තේ.

33 හැවිරිදි කාන්තාවට ඇයගේ මව විසින් මෙලෙස ගර්භාෂය පරිත්‍යාග කර තිබුණේ තම දියණියගේ පළමු දරු උපතෙන් පසු ජීවිතාරක්ෂක කරුණු මත ගර්භාෂය ඉවත් කිරීම හේතුවෙන්.

මෙම පෙරළිකාර ශල්‍ය අත්හදා බැලීම තුළින් ගර්භාෂයක් නොමැතිව උපත ලැබූ හෝ ඉවත් කළ තවත් කාන්තාවන් දහස් ගණනකට නව බලාපොරොත්තුවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »