සංක්‍රමණිකයන් නිසා නවසීලන්තයේ වීසා නීති දැඩි වෙයි

අඛණ්ඩව සිදු වන සංක්‍රමණවලට ප්‍රතිචාර වශයෙන් වීසා නීති දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා.

තිරසාර නොවන සංක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් වීසා නීති දැඩි කර, භාෂා සහ කුසලතා නිර්ණායක හඳුන්වා දීම මෙන්ම සේවා බලපත්‍රවල කාලසීමාවන් කෙටි කර ඇති බවයි නවසීලන්තය නිවේදනය කර ඇත්තේ.

2023 වසරේදී පමණක් නවසීලන්ත පුරවැසියන් නොවන පුද්ගලයින් 173,000ක් රටට සංක්‍රමණය වී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

සේවා යෝජක වීසා යෝජනා ක්‍රමයේ වෙනස්කම් වහාම ක්‍රියාත්මක වී ඇති අතර ආගමන අමාත්‍ය එරිකා ස්ටෑන්ෆෝර්ඩ් (Erica Stanford) ප්‍රකාශ කළේ දේශීය ශ්‍රම වෙළඳපොල හොඳින් පරීක්ෂා කර නවසීලන්ත ජාතිකයින් රැකියාවෙන් ඉවත් කිරීමේ අවදානම අඩු කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල තවමත් නිපුණතා හිඟයක් පවතින අතර නිපුණතා හිඟයක් නොමැති රැකියා සඳහා නවසීලන්ත ජාතිකයින් ඉදිරියෙන් සිටින බවට සහතික විය යුතු බවයි ස්ටැන්ෆෝර්ඩ් පැවසුවේ.

සේවා යෝජක රැකියා වීසා යෝජනා ක්‍රමයේ වෙනස්කම් අතරට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමිතියක් හඳුන්වා දීම, සේවා පළපුරුද්ද හෝ අවම කුසලතා මට්ටමක් අවශ්‍ය වීම සහ අඛණ්ඩව රැඳී සිටීමේ උපරිම කාලය වසර තුනක් දක්වා කෙටි කිරීම ඇතුළත්.

සංක්‍රමණිකයන් බඳවා ගැනීමට පෙර ඔවුන් අදාළ රැකියා පුරප්පාඩුවල අවශ්‍යතා සපුරාලන බවට සේවා යෝජකයින් සහතික විය යුතු වනවා.

එමෙන්ම සංක්‍රමණිකයෙකුට රැකියාවක් පිරිනැමීමට පෙර ඒ සඳහා සුදුසු නවසීලන්ත ජාතිකයෙකු ඉල්ලුම් නොකළ බව ප්‍රකාශ කිරීමට ද අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

නවසීලන්තයේ රැකියා අමාත්‍යාංශයට අනුව අවම වශයෙන් දින 21ක් රැකියා පුරප්පාඩු පිළිබඳ ප්‍රචාරණය කළ යුතු අතර ඊට අයදුම් කළ නවසීලන්ත ජාතිකයින් බඳවා නොගැනීමට හේතු ද ප්‍රකාශ කළ යුතු වනු ඇති.

ප්‍රවාහන හා සත්කාර අංශවල ඇතැම් රැකියා මෙම ක්‍රමවේදයෙන් නිදහස් කරන බව ව්‍යාපාර, නවෝත්පාදන සහ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සඳහන් කළා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »