ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන්ට ජීවිත එපා වෙයි

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් අතර සියදිවි නසාගැනීම් අනුපාතය දෙගුණයකටත් වඩා වැඩි වී ඇතැයි නවතම සංඛ්‍යා ලේඛන මගින් අනාවරණ වීතිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි පෙළ ක්‍රියාකාරී පොලිස් නිලධාරීන්ට ඇති මානසික සෞඛ්‍ය බලපෑම පිළිබඳ වැඩි සංවාදයක් අවශ්‍ය බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම බඳවා ගැනීම් සහ සේවයේ රඳවා ගැනීමේ අභියෝග පවතින අවස්ථාවක විෂය කෙරෙහි අඛණ්ඩ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ ඔස්ට්‍රේලියාව පුරා පොලිසිවල සියදිවි නසාගැනීම් හේතුවෙන් මරණ තුනක් සිදුවී ඇති අතර ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ දෙකක් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ එකක් වශයෙන්.

බටහිර ඔස්ට්‍රේලියාවේ පොලිස් සංගමය විසින් කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ පසුගිය දශකය තුළ සේවයේ නියුතු නිලධාරීන් අතර සියදිවි නසාගැනීම් අනුපාතය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි.

එය සාමාන්‍ය ජනගහනයේ සිය දිවි නසා ගැනීමේ මරණ අනුපාතය ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් නිලධාරීන්ගේ සියදිවි නසාගැනීම්වලට බොහෝ සාධක සම්බන්ධ විය හැකි බව පැවසෙන අතර එම තීරණ ගැනීමට දායක වූ වෙනත් වැදගත් ජීවිත සිදුවීම් ද ඇති බව අනාවරණ වී තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »