අනවසර සංක්‍රමණිකයන් පිරිසක් ගුවන් මගින් නාවුරු කඳවුරට

බටහිර ඔස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි සංක්‍රමණිකයින් පිරිසක් නාවුරු සරණාගත කඳවුරු වෙත යොමු කර තිබෙනවා.

මෙම සංක්‍රමණිකයන් පිරිස චීනයේ සිට පැමිණි බවට පැවසෙන අතර ඔවුන් හයක් තුළ පැමිණි තුන්වන කණ්ඩායම ලෙසටයි වාර්තා වන්නේ.

සරණාගතයින් පිරිස රැගෙන යන බවට විශ්වාස කෙරෙන Nauru Airlines ගුවන් යානයක් බ්‍රිස්බේන් නගරයට බටහිර දෙසින් පිහිටි ඇම්බර්ලි ගුවන් කඳවුරේ නතර කර තිබූ බව සඳහන්.

15 දෙනෙකුගෙන් යුත් සංක්‍රමණික කණ්ඩායම ට්‍රස්කොට් ගුවන් කඳවුරට ආසන්නයට පැමිණි ඔවුන් සියලුදෙනා අත්අඩංගුවේ පසුවන බව පොලිසිය සඳහන් කළා.

අතුරුදන්ව සිටි එක් අයෙකු සෙවීමට පොලිසිය දිනකට වැඩි කාලයක් ගත කළ අතර ඊයේ සවස සොයා ගත් ඔහුට ට්‍රස්කොට් ගුවන් කඳවුරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබුණා.

කිඹුලන් ගැවසෙන භූමි ප්‍රදේශය වටා ඔහු සෙවීමට නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ වූ බවයි පැවසෙන්නේ.

පෙබරවාරි මාසයේදී කිම්බර්ලි වෙරළ ආසන්නයේ සොයා ගත් අනවසර සංක්‍රමණිකයන් 39 දෙනෙකු ද පසුගිය දා නාවුරු කඳවුර වෙත යොමු කරනු ලැබුවා.

කම්කරු පක්ෂයේ සෙනෙට් සභික ජේම්ස් පැටර්සන් චෝදනා කළේ ලේබර් රජයේ අසාර්ථකත්වය හමුවේ දේශසීමා ප්‍රතිපත්තිය දුර්වල වීමේදී මෙලෙස සංක්‍රමණික යාත්‍රා පැමිණීමට සිදුවන බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »