Search

ඔස්ට්‍රේලියාවේ ළමයින් රැසක් තනිකමෙන් සහ ආතතියෙන්

ප්‍රාථමික පාසල් වයසේ පසුවන කුඩා ළමුන් මානසික ආතතිය මෙන්ම තනිකම අත්විඳින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික පර්යේෂණ කවුන්සිලය විසින් ප්‍රාථමික හා ද්විතීයික සිසුන් උපයෝගි කර ගනිමින් සිදු කර ඇති අධ්‍යයනයේදී හඳුනාගෙන ඇත්තේ බොහෝ සිසුන් වසර අවුරුදු 5කට පෙර සිටම ආතතියෙන් සහ තනිකමින් සිට ඇති බවයි.

ඒ අනුව 2018 වසරත් 2023ත් අතර උපත ලැබූ ළමුන් 50000ක් උපයෝගි කරගනිමින් සිදුකර අධ්‍යයනයේ දී තහවුරුවී ඇත්තේ කුඩා ළමුන් වැඩි පිරිසක් දැඩි මානසික කම්පනයකින් පසුවන බවයි.

කුඩා අවදියේ පවතින මානසික ආතතිය තරුණ වියට පැමිණිමත් සමග ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි දැඩි ලෙස බලපෑම් ඇති කරන බව මානසික විශේෂඥයින් හඳුනාගෙන තිබෙනවා.

විශේෂයෙන් අභියෝගවලට මුහුණ දිය හැකි ආත්ම විශ්වාසයෙන් යුතු තරුණ ප්‍රජාවක් බිහිකිරීමට නම් ළමුන් කුඩා කල සිට නිසි රැකවරණය යටතේ ගොඩනැගිය යුතු බව විචාරකයින් අවධාරණය කර තිබෙනවා.

මෙම ගැටලුව විසඳීම සඳහා රට තුළ ජාතික ක්‍රියාකාරි සැලැස්මක් අත්‍යාවශ්‍ය බවට ද යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »