
වංචනික වෙබ් අඩවි තුළින් ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ අනන්‍යතා සහතික පත් නිකුත් කිරීම් හා මිලදී ගැනීම් බහුලව සිදුවන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව මෙවැනි වංචනික ක්‍රියා ලොව වැඩි වශයෙන් සිදුවන ඇමරිකා එක්සත් ජනපදයට පසු දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.
ඔස්ට්‍රේලියාව තුළ මෙලෙස පුලුල්ව පැතිර යන ව්‍යාජ අනන්‍යතා සහතින නිකුත් කරන වංචනික වෙබ් අඩවි වැටලීම් සඳහා සිඩ්නි තොරතුරු තාක්ෂණික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපාධි අපේක්ෂක සියරා ඩෙව්ලින් සිසුවිය විසින් නව වෝහාරික පැතිකඩ පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

අපරාධ, මුදල් විශුද්ධිකරණය, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී සංක්‍රමණ, වංචා සහ ඔත්තු බැලීම වැනි බොහෝ නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක් ව්‍යාජ අනන්‍යතා සහතික පත් මගින් සිදුවන බවයි සොයා ගෙන ඇත්තේ.
සියරා ඩෙව්ලින් සඳහන් කළේ නව වෝහාරික පැතිකඩ පද්ධතිය මගින් මේ වන විට ව්‍යාජ අනන්‍යතා ලේඛණ 48 ක් හදුනා ගැනීමට හැකිවූ බවයි.

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ හැඳුනුම්පත් ලේඛන පැතිරීම වැළැක්වීම සදහා සියරා ඩෙව්ලින් විසින් හදුන්වාදුන් නව පද්ධතිය නිව් සවුත් වේල්ස් පොලිසිය නිසි ලෙස භාවිත කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වනවා.