ඔස්ට්‍රේලියානුවන් සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනයෙන් ඉවතට

ජීවන වියදම ඉහළයෑමත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ කෙටි ආහාර සහ සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය පහළ ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ආහාර සඳහා වැය වන වියදම පාලනය කර ගැනීමට ජනතාව නිවසේ පිසූ ආහාර වෙත යොමුවී ඇති අතර එය සාධනීය තත්වයක් ලෙසයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ සතිපතා වියදම පසුගිය වසරේ සිට ඉහළ ගොස් ඇත්තේ ඩොලර් 1.20ක් වැනි අගයකින් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානුවන් 5000ක් සහභාගී කරගනිමින් අදාළ අධ්‍යයනය සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් තුන් දෙනෙක් චොකලට්, අතුරුපස මෙන්ම කජු වර්ග මීල දී ගැනීම් නවතා ඇති බවයි.

ජීවන වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාමට පෙර අවශ්‍යතාවට වඩා සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණයට ඔස්ට්‍රේලියානුවන් පුරුදු වී සිටි අතර වර්තමානයේ ජීවන වියදම හමුවේ පාරිභෝගිකයින් ඇතැම් සාප්පු සංකීර්ණ පිහිටි කළාපයන් වෙත ප්‍රවේශ වීම ද සීමා කර ඇති බව සඳහන්.

මේ අතර සේවා ආයතන තම කාර්ය මණ්ඩලය සඳහා කෙටි ආහාර වේලක් ලබා දිය යුතු බවට ජනතාව විශ්වාසය පල කරන බව සමීක්ෂණයට සහභාගී වුවන් පවසා තිබෙනවා.

සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් අනවශ්‍ය වියදම් කපා හරිමින් ජීවන වියදමට මුහුණ දීම සදහා වැඩි පරිශ්‍රමයක් දරන බවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »