අතුරුදන් වූ සංක්‍රමණිකයන්ගෙන් එක් අයෙක් හමුවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා සිට අතුරුදහන්ව සිටි සංක්‍රමණික පුද්ගලයෙකු සොයාගෙන ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා නාඳුනන යාත්‍රාවක් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණි කණ්ඩායමක සාමාජිකයෙක් බවයි.

ඔහු ට්‍රස්කොට් ගුවන් කඳවුරට නුදුරින් ප්‍රදේශයක නිරුපද්‍රිතව සිටියදී පොලිසියට හමුවී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයා අනෙක් සංක්‍රමණික කණ්ඩායමෙන් වෙන් වූයේ කෙසේද යන්න සහ හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම සංක්‍රමණිකයාගේ අනන්‍යතාව ද මෙතෙක් හෙළිවී නොමැති අතර ඔහු මේ වන විට ට්‍රස්කොට් ගුවන් කඳවුරේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර නාවුරු එයාර් ගුවන් යානයක් ද කලාපයේ ගුවන් හමුදා කඳවුරට ගොඩබස්වා තිබුණා.

2023 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සිට බෝට්ටුවකින් පැමිණි 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ප්‍රදේශයටම ගොඩ බැස තිබුණා.

පසුගිය පෙබරවාරි 16 වනදා ද බීගල් බොක්කෙහි ආදිවාසී ප්‍රජාවක් ගැවසෙන ප්‍රදේශයට ඇතුලු වූ විදේශීය ජාතිකයන් 39 දෙනෙකු සොයා ගනු ලැබීමත් සමග යළිත් අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »