Search

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු වෙයි

කැත්ලීන් කුණාටුව සහ තද සුළං හමුවේ එක්සත් රාජධානියේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ ගුවන් තොටුපළවලින් පිටත් වන සහ පැමිණීමේ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

හීත්‍රෝ, මැන්චෙස්ටර්, බර්මින්හැම්, එඩින්බරෝ සහ බෙල්ෆාස්ට් සිටි ඇතුළු ගුවන් තොටුපලවල ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මගීන් දහස් ගණනකට පීඩා එල්ල වූ බව සඳහන්.

අයහපත් කාලගුණික තත්වයත් සමග ස්කොට්ලන්තයේ දුම්රිය සහ පාරු සේවාවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 112ක පමණ සුළං වේගයක් හේතුවෙන් නිවාස රැසකට ද අලාභ හානි සිදු වී ඇති අතර නැගෙනහිර එංගලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21.4 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

පැයට සැතපුම් 101ක ප්‍රබලම සුළි සුළං වාර්තා වූයේ ස්කොට්ලන්ත කඳු මුදුනක් ආසන්නයේදී යි.

එංගලන්තයේ වයඹ සහ නිරිතදිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තයේ, ස්කොට්ලන්තයේ සහ වේල්සයේ ඇතැම් ප්‍රදේශවලට කුණාටුවෙහි බලපෑම් දැනී තිබෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »