කැස්ස තියෙන අයට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

නිදන්ගත කැස්ස ඇති රෝගීන් සඳහා පපුවෙහි ස්කෑන් පරික්ෂණයක් වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් අතර කැස්ස රෝගය සාමාන්‍ය තත්වයක් වන අතර ජනගහනයෙන් සියයට 8.8කට පමණ නිදන්ගත කැස්ස ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

වැඩිහිටි පුද්ගලයින් සදහා මාස දෙකකට වඩා වැඩි කාලයක් ද කුඩා ළමුන් සදහා මසකට වැඩි කාලයක් කැස්ස පවතින්නේ නම් ඔවුන් නිදන්ගත කැස්ස සහිත පුද්ගලයින් ලෙස ඔස්ට්‍රේලියානු වෛද්‍ය සඟරාව නම් කර තිබෙනවා.

දුම් පානයෙන් තොර පුද්ගලයින් අතර කැස්ස වැළඳීම සියයට 3ක් වන අතර දුම්පානය සදහා ඇබ්බැහිවුවන්ගෙන් සියයට 8කට නිදන්ගත කැස්ස පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.

ස්වදේශික ජනතාව අතර තෙත සහිත කැස්ස වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ස්වදේශික ළමුන් ගෙන් සියයට 13ක් පමණ තෙත් සහිත කැස්සෙන් පෙළන බව සඳහන්.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »