
රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.
ඇස්බැස්ටෝස් තුරන් කිරීමේ කවුන්සිලයේ සභාපති පෝල් බැස්ටියන් සඳහන් කළේ ඇස්බැස්ටෝස් අවදානම සමාජය තුළ තවදුරටත් පවතින බවයි.
මේ අතර ඇස්බැස්ටෝස් මූලද්‍රව්‍ය ලැව්ගිනි මෙන්ම ස්වභාවික ආපදාවන්ට නිරාවරණය වීමෙන් සිදුවන අවධානම ඉහළ මට්ටමක පවතින පරිසර දූෂණය සඳහා ද සිදු කරන්නේ දැඩි බලපෑමක්.

වසර 20කට පෙර නිවාස ඉදිකිරීමේ ජනප්‍රිය අංගයක් බවට ඇස්බැස්ටෝස් පත්ව තිබූ අතර ඉන් පුද්ගල සෞඛ්‍යයට මෙන්ම පරිසරයට සිදුවන බලපෑම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
තවදුරටත් නිවාස තුළ ඇස්බැස්ටෝ මුලද්‍රව්‍ය සහිත කොටස් පවතින්නේ නම් ඒවා ආරක්ෂිතව ඉවත් කිරීමට පළපුරුදු කාර්මිකයින්ගේ සහය ලබා ගන්නා ලෙසටයි බලධාරින් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් රට පුරා ගොඩනැගිලි සහ ව්‍යුහයන් මිලියන ගණනක තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිතයේ පවතින අතර එමගින් පුද්ගල ජිවිතවලට ද තර්ජනයක් සිදුවිය හැකි බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් අදාළ ගොඩනැගිලි ඇස්බැස්ටෝස්වලින් තොර ස්ථාන බවට පත් කරගන්නා ලෙස ඇස්බැස්ටෝස් තුරන් කිරීමේ කවුන්සිලය ජනතාවට දැනුම් දෙනවා.