Search

ඊශ්‍රායල අගමැතිට එරෙහිව ලක්ෂ ගණනක් පාරට බසී

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන සිටින පිරිස් නිදහස් කිරීමේ එකඟතාවකට එළඹෙන ලෙසට ඉල්ලා ඊශ්‍රායල ජාතිකයන් දස දහස් ගණනක් ටෙල් අවිව් ඇතුලු ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ විරුද්ධවාදීන් පවසන්නේ රජයට එරෙහිව 100,000 ජනතාව විරෝධතාවන්ට එක්ව සිටින අතර ඔවුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගනුදෙනුවක් ඉල්ලා සිටින බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ප්‍රාණ ඇපකරුවෙකුගේ සිරුර සොයා ගැනීමෙන් පසුව ටෙල් අවිව් සහ අනෙකුත් නගරවල මෙලෙස විරෝධතා මතුවී තිබෙනවා.

ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම ආරම්භ වී මාස 6ක් ගත වන අද දිනයේ පැවැත්වෙන මෙම විරෝධතාවන්ට ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් එක් වී ඇති බව සඳහන්.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ මුදා ගැනීමට ආන්ඩුවට නොහැකි වීම සම්බන්ධයෙන් පෙලපාලිකරුවන් තම කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අගමැතිවරයා අපොහොසත් වී ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවටයි විරෝධතාකරුවන් අවධාරණය කර ඇත්තේ.