බටහිර ඔස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි සංක්‍රමණික පිරිසක් සොයා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙම සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර නාවුරු එයාර් ගුවන් යානයක් ද කලාපයේ ගුවන් හමුදා කඳවුරකට ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.
සෝදිසි මෙහෙයුම මූලික අදියරේ පවතින අතර අභියෝගාත්මක භූමි ප්‍රදේශයක් වීම හේතුවෙන් මෙහෙයුම් අසීරු වී ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියා දේශසීමා බලකාය පැවසුවේ සිදු වන මෙහෙයුම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමක් හෝ අදහස් දැක්වීමක් නොකරන බවයි.
2023 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සිට බෝට්ටුවකින් පැමිණි 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ප්‍රදේශයටම ගොඩ බැස තිබුණා.
පසුගිය පෙබරවාරි 16 වනදා ද බීගල් බොක්කෙහි ආදිවාසී ප්‍රජාවක් ගැවසෙන ප්‍රදේශයට ස්ථාන තුනකින් රටට ඇතුලු වූ විදේශීය ජාතිකයන් 39 දෙනෙකු සොයා ගනු ලැබුවා.