ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳ විශේෂ දැනුම්දීමක්

පසුගිය දිනවල නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට පැවති දැඩි වර්ෂාපතනයත් සමග නිකුත් කෙරුණු ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

සිඩ්නි අතුලූ ප්‍රදේශ 100කට පමණ අනතුරු ඇඟවීම් සක්‍රියව පවතින බවයි වාර්තා වන්නේ.

හෝක්ස්බරි (Hawkesbury) ගංගාව ආශ්‍රිත ප්‍රදේශය විශේෂයෙන් බලපෑමට ලක්ව ඇති අතර, අද උදෑසන වන විට නිවාස 1,400ක් සහ පුද්ගලයින් 3,600කට වැඩි පිරිසක් හදිසි අනතුරු ඇඟවීම් යටතේ සිටින බව සඳහන්.

සිකුරාදා රාත්‍රියේ සිට නිව් සවුත් වේල්ස් හරහා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිඩ්නි නගරයට බටහිර දෙසින් සිටින ජනතාව පිටාර යන ගංගා සහ මාර්ග යටවීම හේතුවෙන් හුදෙකලා වී සිටිනවා.

ප්‍රාන්තයේ රාජ්‍ය හදිසි සේවාවේ ප්‍රකාශකයෙකු පැවසුවේඅද උදෑසන වන විට ගංවතුරට කොටු වූවන් බේරා ගැනීම් 146ක් සිදු කර ඇති බවයි.

වින්ඩ්සර් හි හෝක්ස්බරි ගඟේ ජල මට්ටම අද උදෑසන වන විට මීටර් 9.35ක් වී තිබූ අතර එය ස්ථාවර ගංවතුර මට්ටමට වඩා ඉහළ අගයක්.

බ්ලූ මවුන්ටන්ස් නගරාධිපති මාර්ක් ග්‍රීන්හිල් පැවසුවේ සිරවී සිටින කණ්ඩායම් වෙනුවෙන් අවශ්‍ය ආධාර ලබාදීමට හෙලිකොප්ටර් ද සූදානම් කර ඇති බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා වර්ෂාව ආරම්භ වූ සිකුරාදා සිට සහන කණ්ඩායම් බේරා ගැනීම් සහ අවශ්‍ය සහාය ලබාදීම් 4,516කට ප්‍රතිචාර දැක්වූ අතර ඉන් 2500ක් පමණ වාර්තා වී ඇත්තේ සිඩ්නි අවට ප්‍රදේශවලින්.

ප්‍රාන්ත බලධාරීන් දැනුම් දෙන්නේ කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට සහ ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »