ශ්‍රී ලංකාවෙන් පිටත විදෙස් රටක පැවැත්වෙන දැවැන්තම බක් මහ උළෙල අද

ශ්‍රී ලංකාවෙන් පිටත විදෙස් රටකදී පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන මෙල්බර්න් බක්මහ උළෙල අති උත්කර්ශවත් ආකාරයෙන් අද පැවැත්වෙනවා.

මෙවර බක්මහ උළෙල අද පෙරවරු 9 සිට දවස පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ Dandenong showgrounds හිදීයි.

ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සංවිධාන කර ඇත්තේ 28 වන වරටයි.

ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සැපයීමට ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලය අත්වැල් බැඳගෙන සිටිනවා.

ජනප්‍රිය සංගීත කණ්ඩායමක සංගීතයෙන් හැඩවන මෙවර බක්මහ උළෙලට ශ්‍රී ලාංකිකයන් ඇතුලුව අති විශාල පිරිසක් සහභාගී වනවා.

අලුත් අවුරුදු කෑම මේසය, අලුත් අවුරුදු චාරිත්‍ර මෙන්ම සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජනක්‍රීඩා රැසකින් මෙල්බර්න් බක්මහ උළෙල සමන්විතයි.

බක්මහ උළෙලේ විශේෂ දිනුම් ඇදීමක් වෙනුවෙන් ටිකට් පතක් ද හඳුන්වාදී තිබෙනවා. එහි පළමු ත්‍යාගය වෙනුවෙන් ලබාදීමට නියමිතව ඇත්තේ නවීනතම SUV රථයක්. තවත් සැනසිලි ත්‍යාග රැසක් ද ජයග්‍රාහකයන් අතර බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ ටිකට් පත් සම්බන්ධයෙන් 0403 326 270 අංකයෙන් බර්නාඩ් ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »