ශ්‍රී ලංකාවට යන සංචාරකයන්ට බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙසක්

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ සංචාරක උපදේශනය (Travel Advisory) යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් පසුගිය 5 වනදා සිට සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීමටයි එක්සත් රාජධානිය කටයුතු කර ඇත්තේ.

හදිසි වෛද්‍ය සේවාවන් ලබා ගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම වැනි අංශවල පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර ඇතැයි සඳහන්.

ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු මෙවර සංචාරක උපදේශනයෙන් ඉවත් කර තිබෙනවා.

මීට අමතරව වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවදානම ද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාව විසින් වර්තමානයේ අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ සංචාරකයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා මෙම අහිතකර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ජනවාරි පළමුවනදා සිට මාර්තු 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට වනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »