Search

ඔස්ට්‍රේලියාවේ වේලාව පැයකින් වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක වේලාව අද අලුයම 3ට වෙනස් කිරීමත් සමග පැයක වෙනසක් සිදුවී තිබෙනවා.

Daylight saving ක්‍රමය අවසන් වීමත් සමග වේලාව පැයකින් පසුපසට ගැනීම සමගයි මෙලෙස නව වේලාවක් ක්‍රියාත්මක වන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාව, Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම පැවති වේලාව අද අලුයම 03 සිට පැයකින් පසුපසට දමනු ලැබූ අතර ඒ අනුව අලුයම 3 සටහන් වූයේ අලුයම 2 ලෙසටයි.

ජංගම දුරකථන, පරිඝණක, අත් ඔරලෝසු වැනි ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වන නමුත් බිත්ති ඔරලෝසු වැනි උපාංගවල වේලාව වෙනස් කළ යුතු වනවා.

නිවු සවුත් වේල්ස්, වික්ටෝරියා,දකුණු ඔස්ට්‍රේලියා, ටස්මේනියා යන ප්‍රාන්ත සඳහා මෙම වේලා සංශෝධනයන් බලාත්මක වනවා.

1992 වසරේදී පැවති ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ Daylight saving ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැහැ.

දිවා ආලෝකය ඉතිරි කිරීම නොහොත් Daylight saving ක්‍රමය එය බලාත්මක වන ප්‍රාන්ත සහ ප්‍රදේශවල සෑම වසරකම අප්‍රේල් පළමු ඉරිදායින් අවසන් වනවා.

මෙම ක්‍රමය යටතේ ඔස්ට්‍රේලියාව තුළ වේලා කලාප 5ක් පැවති අතර අද සිට එය වේලා කලාප තුනක් දක්වා අඩු වනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »