අධිවේගී මාර්ගවල යන රියදුරන්ට ගාස්තු ආපසු ලැබෙයි

Sydney මෝටර් රථ හිමියන්ට ලබන අප්‍රේල් 9 වනදා සිට මාර්ග ගාස්තු සඳහා වට්ටම් ඉල්ලා සිටිමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා.

ඒ අනුව ජනවාරි පළමු වනදා සිට සතියකට ඩොලර් 60 කට වඩා වැඩි මුදලක් අධිවේගි මාර්ග භාවිතයේදී ගෙවා ඇති නම් එක් කාර්තුවකට ඩොලර් 310 දක්වා ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට රියදුරන්ට අවස්ථාව ලැබෙන බව සඳහන්.

ජනවාරි පළමු වනදා සිට අධිවේගී මාර්ගවලින් එකතු වූ ඩොලර් මිලියන 47 කට වඩා වැඩි ගාස්තු ලියාපදිංචි ගිණුම් හිමියන් 350,000 කට වැඩි පිරිසකට යලි බෙදා හරිනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අධිවේගී මාර්ග භාවිතයේදී සතියකට ඩොලර් 400කට වඩා වැය කරන රියදුරන්ට සම්පූර්ණ වට්ටම් හිමි නොවන අතර අර්ධ වශයෙන් ඩොලර් 340ක් ආපසු ගෙවනු ඇති.

සතියකට ඩොලර් 60 ටවඩා සහ ඩොලර් 400 ට අඩුවෙන් වියදම් කරන රියදුරන්ට යෝජනා ක්‍රමය හරහා ඔවුන්ගේ ගාස්තු ආපසු ලබා ගත හැකියි.

මෙම වට්ටම් ගාස්තුව සිඩ්නිහි අධිවේගී මාර්ගයෙන් මාර්ගයට වෙනස් වන අතර ලෙකෙම්බා (Lakemba) රියදුරන්ට කාර්තුමය වශයෙන් ඩොලර් 309ක වට්ටමක් ද ඕබන් (Auburn) මාර්ගය භාවිත කරන රියදුරන්ට සාමාන්‍යයෙන් ඩොලර් 266 ක වට්ටමක් ද බෑන්ක්ස් ටවුන් (Bankstown) රියදුරන්ට ඩොලර් 235ක් ලෙස වට්ටම් හිමිවන බව සඳහන්.

මේ සදහා e-tag සේවාවක් ක්‍රියාත්මක වන අතර රියදුරන්ට කාර්තුමය වශයෙන් හිමිකම් ඉදිරිපත් කළ හැකියි.

සිඩ්නි හි අධිවේගි මාර්ග භාවිත කරන ජනතාවට අදාළ වට්ටම් දිගින් දිගටම ලබා ගත හැකි අතර අන්තර්ජාලය හරහා හිමිකම් පෑමක් කළ පසු මුදල් ගිණුමට බැරවෙන ලෙස ස්වයංක්‍රියව සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »