Search

පිළිකා රෝගය ගැන කවුරුත් නොදැන සිටි තොරතුරු එළියට

ලොව පුරා වාර්තාවූ පිළිකා රෝගීන් අතරින් වැඩි දෙනෙකුට වැළඳී ඇත්තේ පෙනහළු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

2022 වසරේදී රටවල් 185ක සිදු කළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙනයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම සමීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්‍රිත පිළිකාවල වැඩිවීමක්ද පෙන්නුම් කරනවා.

ඒ අනුව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක් වාර්තා වී ඇති බව අදාළ සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

රෝගය විනිශ්චය කිරීමෙන් පසු වසර 5ක් තුළ ජීවත් වූ පුද්ගලයින්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව මිලියන 53.5ක් වනවා.

පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇති වන අතර, ආසන්න වශයෙන් පිරිමින් 9 දෙනෙකුගෙන් එක් අයෙක් සහ කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙක් පිළිකාවෙන් මිය යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »