ලොව ළාබාලතම බිලියනපතිනිය බ්‍රසීලයෙන්

2024 වසරේ ෆෝර්බ්ස් (Forbes) සඟරාවෙන් ප්‍රකාශයට පත් කෙරෙන ලාබාලතම ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය බවට පත්වී තිබෙනවා.

ලිවියා වොයිග්ට් (Livia Voigt) නම් ඇයගේ වත්කම සටහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.1ක් ලෙසටයි.

මෙම වසරේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන අතර ආධිපත්‍ය තරුණයන් විසින් හිමි කරගෙන ඇති අතර ලාබාලතම ප්‍රකෝටිපතියන් 25 දෙනාම වයස අවුරුදු 33 හෝ ඊට අඩු පිරිසක් බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ සාමූහික වත්කම සටහන් වන්නේ ඩොලර් බිලියන 110ක් ලෙසටයි.

ඒ අතරින් ලොව ළාබාලතම ප්‍රකෝටිපතිනිය වූ බ්‍රසීල ජාතික සරසවි සිසුවියක් වන ලිවියා වොයිග්ට්ලි මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ලතින් අමෙරිකාවේ ප්‍රකට විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට පත්වීමත් සමගයි.

සමාගම ඇගේ සීයා වන වර්නර් රිකාඩෝ වොයිග්ට් විසින් ආරම්භ කර තිබුණේ ප්‍රකෝටිපතියන් වූ එග්ගොන් ජෝඕ ද සිල්වා සහ ජෙරල්ඩෝ වර්නින්හවුස් සමගින්.

ලිවියා දැනට බ්‍රසීලයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර තවමත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ විධායක තනතුරක් නොදරන බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »