සිඩ්නි ඇතුලු ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම තවදුරටත්

අධික වැසි තත්වය පහව ගිය ද නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවදුරටත් ගංවතුර අවදානම ඉහළ යමින් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා.

හදිසි වැසි තත්ත්වය අඩු වෙමින් පැවතුන ද විශේෂයෙන් බටහිර සිඩ්නි හි ඇතැම් ගංගාවල ගංවතුර මට්ටම් අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

නිව් සවුත්වේල්ස්හි ගංගාවල ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින අතර, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අනවශ්‍ය ගමන්වලින් වළකින ලෙසටයි නිවැසියන්ට උපදෙස් දී ඇත්තේ.

වින්ඩ්සර්, නෝර්ත් රිච්මන්ඩ් සහ අවට ප්‍රදේශ මෙන්ම පෙන්රිත් සහ අවට ප්‍රදේශවලට ගංවතුර සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

බ්‍රිස්බේන් නගරයට දකුණින් ඇති ප්‍රදේශ සඳහා දරුණු කුණාටු සහ හදිසි ගංවතුර හේතුවෙන් අනවශ්‍ය ගමන්වලින් වළකින ලෙස ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට දැනුම් දෙන්නේ.

ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලට අද සහ හෙට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් වරගම්බා ජලාශ වේල්ල අද උදෑසන 5.45ට පමණ වාන් දැමීම ආරම්භ වූ අතර ඉදිරි සති දෙකක පමණ කාලයක් එය වාන් දමනු ඇති බවයි පැවසෙන්නේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »