තාක්ෂණයේ පෙරළියක් නිසා Samsung සමාගමේ ලාභය වෙනස්වෙයි

2024 වසරේ පළමු මාස තුන සඳහා ලාභය පෙර වසරට සාපේක්ෂව 10 ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව Samsung Electronics සමාගම පවසනවා.

පශ්චාත් කොවිඩ් වසංගත පසුබෑමකින් සහ කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් memory chips මිල යථා තත්ත්වයට පත්වීම මේ සදහා බලපා ඇති බවයි සමාගම පවසන්නේ.

දකුණු කොරියාව පදනම් කරගත් Samsung සමාගම යනු ලොව විශාලතම memory chips, ස්මාර්ට්ෆෝන් සහ රූපවාහිනී නිෂ්පාදකයා වනවා.

අප්‍රේල් 30 වැනිදා සමාගම සවිස්තරාත්මක මූල්‍ය වාර්තාවක් නිකුත් කිරීමට නියමිතයි.

තම මෙහෙයුම් ලාභය ජනවාරි-මාර්තු කාර්තුවේදී ඩොලර් බිලියන 4.9ක් වන අතර එය 2023 වසරේ එම කාලයට වඩා සියයට 931ක ඉහළ යෑමක් බවයි තාක්‍ෂණ දැවැන්තයා ඇස්තමේන්තු කර ඇත්තේ.

සාමාන්‍යයෙන් සමාගමට විශාලතම ආදායම් උපයන්නේ Samsung හි අර්ධ සන්නායක අංශයයි.

AI තාක්ෂණයන්හි ව්‍යාප්තියත් සමග අර්ධ සන්නායක සඳහා ඇති ඉල්ලුම මෙම වසරේ ශක්තිමත්ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »