ලිබර්ටි ප්‍රතිමාවත් සමග ඇමරිකාව සෙළවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් සහ නැගෙනහිර වෙරළ තීරයේ නගරවලව භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

රිච්ටර් මාපක 4.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 10.23ට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනය දැනුනු ප්‍රදේශවල නිවැසියන් සහ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් පසු කම්පන 6ක් වාර්තා කර ඇති අතර ඉන් එක් කම්පනයක් 4.0 ක ප්‍රභලත්වයක් සටහන් වී තිබුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ජෙසිකා ජොබ් පැවසුවේ මෙම භූමිකම්පාව නැවත සක්‍රිය වී ඇති පැරණි දෝෂ රේඛාවක් මත සිදු වන්නට ඇති බවයි.

නිව් යෝර්ක්හි පළමු භූමිකම්පාව අතරතුර ජනප්‍රිය ලිබර්ටි ප්‍රතිමාව ද සෙලවෙමින් තිබූ අතර නගරය පුරා ඝෝෂාවක් පැවති බව සඳහන්.

භූ කම්පනය තත්පර 30 ක් හෝ ඊට වැඩි කාලයක් පැවති ප්‍රචණ්ඩ ඝෝෂාවක් මෙන් දැනුණු බවයි ජනතාව ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මූලස්ථානයේ ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පැවති රැස්වීමක් ද කම්පනය හේතුවෙන් තාවකාලිකව නතර වී තිබුණා.

එමෙන්ම නිව් යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි සහ නිව් ජර්සි හි නෙවාර්ක් ගුවන් තොටුපළවල්වල කටයුතු ද තාවකාලිකව නවතා දැමු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිව් යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර කැති හෝකුල් (Kathy Hochul) පැවසුවේ විශාල හානියක් හෝ තුවාල පිළිබඳ වාර්තා වී නොමැති අතර භූ කම්පනයෙන් පසු ඇතැම් ප්‍රදේශවල මාර්ග ඉරි තලා ගොස් ඇති ආකාරයද දක්නට ලැබුණු බවයි.

ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරය සහ නිව්යෝර්ක් නගර ප්‍රදේශයේ භූමිකම්පා සිදු වීම ඉතා දුර්ලභ තත්වයක් වනවා.

1983 වසරේදී නිව් යෝර්ක් ප්‍රාන්තයේ නිව්කොම්බ් නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වූ අතර 1884 දී නිව් යෝර්ක් නගරයේ 5.0ක ප්‍රබලත්වයකින් යුත් කම්පනයක් සිදු වුණා.

නැගෙනහිර වෙරළට බලපෑ විශාලතම භූ කම්පනය වාර්තා වූයේ 2011 දී වසරේදීයි.

එහිදී වර්ජිනියා ප්‍රාන්තයේ හටගත් 5.8 ක භූමිකම්පාවකින් නිව් යෝර්ක්, වොෂින්ටන් සහ අනෙකුත් නගරවල ගොඩනැගිලිවලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කෙරුණා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »