Search

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් මඟින් ගොවින්ට පීඩා

ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල්වල ක්‍රියාකාරකම් හේතුවෙන් ගොවීන් ඇතුලු නිෂ්පාදකයින්ට දැඩි බලපෑමක් සිදුවන බවට අනාවරණ වී තිබෙනවා. 

ප්‍රධාන සුපිරි වෙළදසැල් විසින් නැවුම් නිශ්පාදන නිරන්තරයෙන් පාරිභෝගිකයින් වෙත ලබා දුන්න ද ඉන් නිෂ්පාදකයින්ට ලැබෙන්නේ ඉතා අඩු මුදලක් බවටයි චෝදනා එල්ල වන්නේ. 

සුපිරි වෙළඳසැල් මගින් තම අස්වැන්න නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩුවෙන් ඉල්ලා සිටීමෙන් තමන්ට ලාභයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

   

වගාකරුවන් පෙන්වා දෙන්නේ තම ඇපල් පලදාව සඳහා ගෙවූ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකට සුපිරි වෙළඳසැල් ඒවා අලෙවි කර ඇති බවයි.

Coles සහ Woolworths ඇතුලු ප්‍රධාන වෙළඳසැල් සම්බන්ධයෙන් මේ වන විට සෙනෙට් පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි. 

මෙම පරීක්ෂණය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල්වල වෙළඳපල බලය සහ ආහාර මිලකරණ භාවිතයන් පිළිබඳව සොයා බැලීමේ අරමුණිනුයි ස්ථාපිත කර ඇත්තේ. 

එම කමිටුව හමුවේ අදහස් දැක්වූ බොහෝ පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ විශාල සුපිරි වෙළඳසැල් තම බලය අනිසි ලෙස භාවිතා කරන බැවින් සමාජ ගැටලුවක් ඇතිවීමට පෙර එම බලය බිඳ දැමිය යුතු බවයි.

ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හමුවේ ඔස්ට්‍රේලියාවේ ගොවීන් ව්‍යාපාරවලින් ඉවත් කර පාරිභෝගිකයින්ට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බවට අදහස් පළවී තිබෙනවා. 

ගනුදෙනුකරුවන් 13,000කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදාගෙන සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් ද ප්‍රකාශ කෙරුණේ බොහෝ තරුණ ඔස්ට්‍රේලියානුවන් සහ අඩු ආදායම්ලාභී පවුල් ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් හතරෙන් එකක් සිල්ලර බඩු සඳහා වියදම් කරන බවයි.

ඇතැම් දෙමාපියන් තම දරුවන් කුසගින්නෙන් නොතැබීම සඳහා අඩුවෙන් ආහාර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා. 

ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් පිළිබඳ අවසන් වාර්තාව මැයි 7 වැනිදා රජයට භාරදීමට නියමිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »