තමාගේම සැරයටියෙන් පහරකෑ රෝගියා රෝහලේදීම මරුට

ක්වින්ස්ලන්ඩ් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එම රෝහලේම සිටි තවත් පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබෙනවා.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ 84 හැවිරිදි වයෝවෘද පුද්ගලයෙකු වන අතර එම රෝගියාගේම සැරෑටියෙන් පහර දී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

පහරකෑමෙන් තුවාල ලැබූ 84 හැවිරිදි රෝගියා දින දෙකක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දි මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ

 

මෙලෙස ප්‍රහර දුන් පුද්ගලයා ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළන පුද්ගලයෙකු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

 

එම රෝහලේම ඩිමෙන්ශියා රෝගියෙකු වන 70 හැවිරිදි පුද්ගලයා සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

 

වයිඩ් බේ රෝහලේ සිදුවු මෙම අනතුර සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට චෝදනා එල්ල වී ඇති අතර ඩිමෙන්ශියා රෝගියෙකු අනෙක් රෝගින් සමග තැබීම පිළිබඳ ක්වින්ස්ලන්ඩ් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »