
විදේශ අධ්‍යයනය සඳහා සූදානම් වන ඉන්දියානු ශිෂ්‍යයින්ගෙන් සියයට 72ක් තම උසස් අධයාපන සඳහා ඔස්ට්‍රේලියාව තොරා ගන්නා බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.
පසුගිය දා නිකුත් කරන ලද ඉන්දීය රජයේ සංක්‍රමණික උපාය මාර්ග යටතේ ඉන්දියානු සිසුන් වැඩි දෙනෙක් උසස් අධ්‍යාපනය සදහා ඔස්ට්‍රේලියාව තෝරා ගන්නා බව හඳුනාගෙන තිබුණා
ගෝලීය ඉගෙනුම් සමාගමක් වන පියර්සන් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ක්‍රමයේ වු ගුණාත්මකභාවට හේතුවෙන් මෙලෙස ඉන්දියානුවන් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන බවයි.

ආරක්ෂාව සහ ඉහළ පිළිගැනීම හේතුවෙන් විදේශ සිසුන් මෙලෙස ඔස්ට්‍රේලියාව තොරා ගන්නා අතර පශ්චාත් උපාධි සම්පූර්ණ කර මෙරට රැකියා අපේක්ෂාවන් පැමිණෙන ඉන්දියානුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
තවද ගුණාත්මක අධ්‍යාපනය, රැකියා සහ වෘත්තීය ප්‍රගතිය වීසා බලපත්‍ර ලබා ගැනීම යන නිර්නායක මත පිහිටුවා මෙම අධ්‍යනය සිදු කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන් අතර අධ්‍යාපනය සඳහා සුදුසුම රටත් ලෙස හඳුන්වන අතර දැනට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබාන වැඩිම ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වන අතර දෙවන ස්ථානය පසුවන්නේ ඉන්දීය සිසුන් වීම විශේෂත්වයක්