
Daylight saving ක්‍රමය අවසන් වීමත් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක වේලාව හෙට (07) සිට පැයකින් පසුපසට ගැනීමට නියමිතයි.
ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියාව – Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම දැනට පවතින වේලාව හෙට අලුයම 03 සිට පැයකින් පසුපසට දැමෙනු ඇති.
එයින් අදහස් වන්නේ අදාල ප්‍රාන්තවල සහ ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින් සඳහා වේලාව අලුයම 3 සිට 2 දක්වා වෙනස් වනු ඇති බවයි.

ජංගම දුරකථන – පරිඝණක – අත් ඔරලෝසු වැනි ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වනු ඇති නමුත් බිත්ති ඔරලෝසු වැනි උපාංගවල වේලාව වෙනස් කල යුතු වනවා.
නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා – ටස්මේනියා සහ ACT යන ප්‍රාන්ත සඳහා මෙම සංශෝධනයන් බලාත්මක වනවා.

1992 වසරේදී පැවති ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේප වීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ Daylight saving ක්‍රමය ක්‍රියාත්මක නොවන්නේ.