Search

සෑම විනාඩියකට වරක් ලොරියක ප්ලාස්ටික් සාගරයට මුදා හැරෙයි

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය සහ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය විසින් කරන ලද නව පර්යේෂණයකින් සාගර පත්ලෙහි ප්ලාස්ටික් ටොන් මිලියන 11 ක් පමණ පවතින බව හෙළිව තිබෙනවා.

 

සෑම විනාඩියකර වරක් කුණු ලොරියක ප්ලාස්ටික් සාගරයට ඇතුල්  වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

2040 වන විට ප්ලාස්ටික් භාවිතය දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම තත්වය ඉදිරියේදී පාලනය කිරීම අසීරු වන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

 

පරිසර පද්ධතිය සහ ජලජ ජීවීන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වන අතර එය කෙසේ සිදු කරන්නේ ද යන්න ගැටලු සහගත බවයි සදහන් වන්නේ.

 

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ඩෙනිස් හාර්ඩෙස්ටි පැවසුවේ ප්ලාස්ටික් කුඩා කැබලිවලට කැඩී සාගරය මිශ්‍ර වීමට පෙර එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය සාගර පතුලේ කොපමණ ප්‍රමාණයක් පවතීද යන්න පිළිබඳ කල පළමු ඇස්තමේන්තුව මෙය බවයි.

 

මුහුදු පතුලේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිබඳ කලින් ඇස්තමේන්තුවක් සිදු කර තිබුණ ද මෙම පර්යේෂණය මගින් දැල්, ප්ලාස්ටික් cup,ප්ලාස්ටික් බෑග් සහ ඒ අතර ඇති සියල්ල පිළිබඳ ගවේශනය කර තිබුණා.

 

සාගර පතුලේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ඇස්තමේන්තුව සාගරයේ පාවෙන ප්ලාස්ටික් ප්‍රමාණයට වඩා 100 ගුණයක් වැඩි විය හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »