වත්කමින් ඉහළ 4වන Brand එක රැකියා කප්පාදුවකට සැරසෙයි

ලොව වඩාත් ප්‍රසිද්ධ තාක්ෂණික දැවැන්තයෙකු වන ඇමසන් සමාගම  තම සමාගමේ රැකියා කප්පාදුවක් සිදු කරන බව නිවේදනය කර තිබෙනවා.

 

ඇමසන් සිය අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයට අදාළ කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුලු සේවකයින් සිය ගණනක් මෙලෙස ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ

 

පසුගිය දා එළිදැක්වූ ලොව වඩාත් වටිනාම වෙළඳ සම්මාන අතර ඇමසන් සමාගම ඩොලර් බිලියන 308ක වත්කමක් සහිතව 4 වන ස්ථානයේ පසු වන බව නිවේදනය කර තිබූණා.

 

මෙවැනි පසුබිමක් තුළ ඇමසන් සමාගම ගත් මෙම තිරණය ජාත්‍යන්තරයේ කතා බහට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

සමාගම තුළ පූර්ණ කාලීන හා අර්ධකාලීන සේවකයින් ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සේවය කරන බව සදහන්.

 

කෙසේ වෙතත් ඇමසන් සමාගම මේ වන විට සිය උපාය මාර්ග වෙනස් කරමින්,ප්‍රතිව්‍යුහ ගතකිරීමක් සිදු කිරමින්  සිටින බවද සඳහන් වනවා.

 

මෙලෙස කප්පාදු කිරීමට ලක් කරන රැකියා අතර විකුණුම්, පුහුණුව සහ ගබඩා තාක්ෂණික කණ්ඩායම් ඇතුලත් වනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »