
කිසිසේත්ම හිතකර නොවන වටපිටාවක් තුළ බළලුන් සහ සුනඛයින් ඇති කළ ප්‍රංශ යුවලකට වසරක කාලයක් සඳහා අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සතුන්ගේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, මෙම යුවළ ‘සතුන් අතහැර දැමීමේ වරදට වැරදිකරුවන්’ බවයි අපරාධ අධිකරණය මඟින් තීන්දු කර ඇත්තේ.
68 හැවිරිදි කාන්තාවක් සහ 52 හැවිරිදි පුරුෂයෙකු වර්ග මීටර් 80ක් වූ මහල් නිවාසක බළලුන් 159 ක් සහ සුනඛයින් හත් දෙනෙකු ඇතිකර තිබෙනවා.

දැඩි අපිරිසිදු පරිසරයක ජීවත් වූ මෙම සතුන්ගෙන් වැඩි දෙනෙක් විජලනය සහ මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම සතුන්ට පරපෝෂිතයන් ආසාදනය වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසරේ කළ සොයාබැලීමකට අනුව මෙම යුවළ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ ඔවුන් නිසි ලෙස සතුන් රැකබලා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.
ඒ අනුව ඔවුන්ට ”සුරතල් සතුන් ඇති කිරීම සඳහා ස්ථිර තහනමක්” ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
එමෙන්ම සත්ව අයිතිවාසිකම් පිළිබඳ පුණ්‍යායතනය විසින් ඔවුන්ට යුරෝ 150,000ට වැඩි මුදලක් ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.