
සිඩ්නි සහ බි්‍රස්බේන් ප්‍රධාන නගර වලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා කාර්යංශය ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් මිලියන පහකට පමණ ගෘහස්ථව රැදි සිටින්නැයි උපදෙස් ලබා දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රදේශවල දරුණු සුළි කුණාටු තත්වයක් ද ඇතිවිය හැකි බැවින් ජනතාය ආරක්ෂිත ස්ථාන වල රැදී සියින්න ලෙස වැඩිදුරටත් සඳහන්.

මේ අතර නිව් සවුත් වේල්ස් හී හි දකුණු වෙරළ තීරයේ මිලිමීටර 300 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව සඳහන්.
අයහපත් කාලගුණය හේතුවෙන් ගෙවුනු පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් උපකාර ඉල්ලා ලැබුණු ඇමතුම් සංඛ්‍යාව 550 ඉක්මවා තිබුණා.

මේ අතර සිඩ්නි ගුවන් තොයුපළේ අභන්‍න්තර ගුවන් ගමන් 100කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර හෝ ප්‍රමාධකර ඇති බවයි වාර්තා වන්නේ.
තවද සිඩ්නි හරහා වු දුම්රිය ගමන්වාර කිහිපයක් ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.