Search

පෙරපාසැල් 100ක් හදන්න යන ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය පොදු පෙරපාසල් 100ක් ආරම්භ කිරීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඩොලර් මිලියන 769ක සැලැස්ම ප්‍රාන්ත ඉතිහාසයේ පෙර පාසල් වෙනුවෙන් සිදු කරනු ලබන විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති අතර එමගින් පෙර පාසල් ළමයින් 2000ක් සඳහා අධ්‍යාපන අවස්ථා හිමිවනු ඇති.

බටහිර සිඩ්නිහි බොක්ස් හිල්, බ්ලැක්ටවුන් නෝර්ත්, එඩෙන්සර් පාර්ක්, එමර්ටන්, ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක් හරහා නව පෙර පාසල් 51ක් ඉදි කෙරෙනු ඇති.

ඉතිරි 49 දකුණු වෙරළ, හන්ටර්, නිව් ඉංග්ලන්ඩ් සහ බටහිර කලාප ඇතුළු ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රජාවන් වෙත ලැබෙන බවයි වාර්තා වන්නේ.

නිව් සවුත්වේල්ස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පෙර පාසල් මගින් පාසල් අධ්‍යාපනයට ප්‍රවේශය, ගුණාත්මක ක්‍රීඩා මත පදනම් වූ ඉගෙනීම, ප්‍රාථමික ඉගෙනීම සහ සාක්ෂරතාව වැනි මූලික ප්‍රධාන පහසුකම් දරුවන් වෙත ලැබෙන බවයි.

2027 වසර වන විට රජයේ සැලසුම අනුව ප්‍රාන්තයේ පෙර පාසල් 100ම ඉදි කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙය ප්‍රාන්තය පුරා සිටින ළමුන් සඳහා බාධාවකින් තොරව හොඳ අධ්‍යාපනයක් ලැබෙන බවට වග බලා ගැනීම බව බලධාරීන් ප්‍රකාශ කළා.

ප්‍රාන්ත රජය මැතිවරණ පොරොන්දුවක් මත පදනම්වයි කලාපවල නව පෙර පාසල් ඉදිකිරීමේ සැලසුම් පසුගිය පෙබරවාරි මාසයේදී හෙළි කරනු ලැබුවේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »