තායිවාන් භූ කම්පනයෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් සොයා මෙහෙයුම්

තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අතුරුදන් වූවන් අතර ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු සිටින බව අනාවරණ වී තිබෙනවා.

භූමිකම්පාවෙන් පසු අධිවේගී උමං මාර්ගවල සිරවී සිටින විශාල පිරිසක් වෙත ළඟා වීමට තායිවාන සහන කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ බදාදා සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අතුරුදහන් වූ පිරිස අතර ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ද සිටින බවයි.

ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ඇතුළු විදේශිකයන් 71 දෙනෙකු බේරාගෙන තිබුණ ද තවත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවයි තායිවාන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එරට බලධාරීන්ට අනුව පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් භූ කම්පනයෙන් පසු අපදාවලට කොටු වී ඇති අතර අවම වශයෙන් 38 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

ජාතික ආපදා ඒජන්සිය පැවසුවේ භූමිකම්පාවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 1,099 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පළමු භූමිකම්පාවෙන් පසු බ්‍රහස්පතින්දා රාත්‍රිය දක්වා පසු කම්පන 400කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර බලපෑම්වලට ලක්වූ බොහෝ දෙනෙකු තාවකාලික ආරක්‍ෂිත නවාතැන් වෙත යොමු කර ඇතැයි සඳහන්.

තායිවානය 1999 වසරේ රිච්ටර් මාපකයේ ඒකක 7.6ක කම්පනයකට ගොදුරු වීමෙන් පසු ඇති වූ දරුණුතම භූමිකම්පාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

එම කම්පන තත්ත්වයෙන් පුද්ගලයන් 2,400ක් මිය ගිය අතර එය එරට ඉතිහාසයේ මාරාන්තික ස්වාභාවික විපත්තිය ද වනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »