සරම්ප ආසාදිතයෙකු හමුවීමෙන් ඇඩිලේඩ් වෙත අනතුරු ඇඟවීමක්

17 හැවිරිදි පිරිමි ළමයෙකුට සරම්ප රෝගය වැළඳීමෙන් පසු ඇඩිලේඩ්හි ස්ථාන කිහිපයකට යළි සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ විදේශයක සිට ආපසු පැමිණි අසාධිතයෙකු සම්බන්ධයෙන් පසුගිය මාර්තු 23 වනදා නිකුත් කළ අනතුරු ඇඟවීමේදී ප්‍රකාශ කෙරුණු අවදානම් ප්‍රදේශවලට නිරාවරණය වීමෙන් මෙම තරුණයා අසදිතයෙකු වී ඇති බවයි.

17 හැවිරිදි තරුණයා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ස්ථාවර තත්ත්වයේ සිටින බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

සරම්ප වෙනුවෙන් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයක් ලබා නොගත් සහ නිරාවරණ ස්ථානයක සිටි ඕනෑම අයෙකුට ඉදිරි සති කිහිපය තුළ රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙසට සහ අසනීප වුවහොත් වහාම වෛද්‍යවරයකු හමුවන ලෙසත් දැනුම් දෙනවා.

සරම්ප ඉතා සීග්‍රයෙන් බෝවන වෛරසයක් වන අතර මෑත කාලීන ව්‍යාප්තිය ඔස්ට්‍රේලියාවෙන් පිටත රටකින් පැමිණ ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

සරම්ප රෝග ලක්ෂණ අතර උණ, කැස්ස, නාසයෙන් දියර ගැලීම සහ ඇස්වල වේදනාව මෙන්ම හිසෙන් ආරම්භ වී ශරීරය පුරා පැතිරෙන ලප ඇතුලත් වනවා.

රෝග ලක්ෂණ ඇති බව විශ්වාස කරන ඕනෑම අයෙකු රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරයා හමුවිය යුතු බව අවධාරණය කර තිබෙනවා.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »