මැයි 14 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට ජිවන වියදම් සහන රැසක්

බලශක්ති මිල සහ ජීවන වියදම් සඳහා මෙවර ෆෙඩරල් අයවැයෙන් සහන ලැබෙන බවට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඉඟි පළ කර තිබෙනවා.

මෙම වසරේ අයවැයෙන් ජීවන වියදම් සහන බලාපොරොත්තු වන පවුල් සඳහා අගමැතිවරයාගේ මෙම ඉඟිය සතුටුදායක පුවතක් වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අයවැයෙන් සුදුසුකම් ලත් පවුල්වලට විදුලි බිල්පත් සඳහා ඩොලර් 500 දක්වා සහ සුදුසුකම් ලත් කුඩා ව්‍යාපාරවලට ඩොලර් 650 දක්වා ලබා දුන් සහන පිළිබඳව ද ව්‍යාපාර සමුළුවක සිදු කළ කතාවක දී අගමැතිවරයා සිහිපත් කළා.

ඔහු කියාසිටියේ කුඩා ව්‍යාපාර මෙන්ම අඩු අදායම් ලාභී පවුල් සඳහා බලශක්ති බිල්පත් මූල්‍ය පීඩනයේ මූලාශ්‍රයක් ලෙස පවතින බව රජය තේරුම් ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන මාසයේ අයවැය තුළින් ඔස්ට්‍රේලියානු පවුල් සහ කුඩා පවුල් ව්‍යාපාරවලට ඔවුන්ගේ බලශක්ති බිල්පත් සඳහා උපකාර කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවයක් බව අගමැතිවරයා සඳහන් කළා.

නැඟෙනහිර සහ දකුණු ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල බලශක්ති සමාගම් පෙන්නුම් කර ඇත්තේ එළඹෙන මූල්‍ය වර්ෂයේදී පවුල් ඒකකවල බිල්පත් අඩුවනු ඇති අතර අනෙක් අයට ලැබෙන්නේ කුඩා මිල වැඩි කිරීම් පමණක් සිදු වනු ඇති බවයි.

ජීවන වියදම් සහන මැයි 14 වන දින එළිදැක්වෙන අයවැයේ ප්‍රධාන කොටසක් වනු ඇති බව ෆෙඩරල් සංචිත බැංකුවේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »