Search

අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් ගමන් 90ක් අවලංගු වෙයි

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග අද උදෑසන සිට මේ දක්වා කාලය තුළ සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 90කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

අවලංගු කිරීම්වලින් බහුතරයක් අභ්‍යන්තර ගුවන් ගමන් වන අතර කුණාටු හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් කිහිපයක් සිදුවී ඇති බවයි ගුවන් තොටුපල ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

පවතින අධික වැසි තත්වයත් සමග ප්‍රධාන වේලි පිටාර ගලනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට හදිසි ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

නගරය වටා ගංවතුර අවදානම වැඩි වන බැවින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් නාරබීන් කලපුවට ජලය බැස යාමට ඇල මාර්ගයක් ද සකස් කිරීමටයි ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත්තේ.

ක්වීන්ස්ලන්තයේ වොරේගෝ (Warrego) ගංගාව සඳහා විශාල ගංවතුර අනතුරු ඇඟවීමක්ක්‍රියාත්මක අතර අද පෙරවරු 8න් අවසන් වූ පැය 24 තුළ එහි ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 90ක පමණ දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබුණා.

දැනට චාල්විල් (Charleville) ප්‍රදේශයේදී ජල මට්ටම මීටර් 4.72ක් වුව ද අද සවස් වන විට ගංවතුර මීටර් 6ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අයහපත් කාලගුණික තත්වය හමුවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පාසල් 10ක් වසා දමා ඇති බවයි ප්‍රාන්ත රජයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

අද පෙරවරු 9න් අවසන් වූ පැය 48 තුළ උතුරු කලාපයේ බයිරොන් ෂයර්හි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එය 2022 වසරේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් පසු ප්‍රදේශයට වාර්තා වූ අධිකම වර්ෂාව ලෙසටයි සැලකෙන්නේ.

රාජ්‍ය හදිසි අපදා සේවයේ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගංවතුර ජලය හරහා රිය පැදවීම වැනි අවදානම් කටයුතුවලට නොයන ලෙසයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »