
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය මේ වසරේ සිට ක්‍රමයෙන් අඩුවන බව පුරෝකථනය කර තිබෙනවා.
2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අවපාතය නිසා දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ ගොස් තිබූ බවයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වන විට ආර්ථිකය සුබදායී දිශාවකට යොමු වෙමින් ඇති බව එහි සඳහන්.

එහි ප්‍රතිඵල ලැබීම මේ වසරේ පළමු කාර්තුවේ සිටම ආරම්භ වූ අතර ලෝක බැංකුවේ පුරෝකථනය වන්නේ මේ වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් දරිද්‍රතාවය අඩුවන බවයි.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අවපාතය එක් රැයකින් යථා තත්ත්වයට පත් නොවන්නක් බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතේ යමින් පැවැතුණ ද ආර්ථික අර්බුදයේ බලපෑම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට අවම කිරීම සඳහා පියවර ගැනීම වැදගත් බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ.