
කිසිසේත් සුව කළ නොහැකි ඉතා දූර්ලභ රෝගයක් සඳහා නිෂ්පාදිත ඖෂධයක් අත්හදා බැලීමට ප්‍රතම වතාවට ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.
මෝටර් නියුරෝන ලෙස නම් කර ඇති මෙම රෝගය සුව කළ නොහැකි ඉතා දුර්ලභ ස්නායු රෝගයක් ලෙසයි වාර්තා වන්නේ.
මෙම රෝගය සඳහා මෙතෙක් නිශ්චිත ඖෂධයක් නිර්දේශ කර නොමැති අතර රෝගයට අදාළ ඖෂධ අත්හදා බැලීමට කිසිදු රෝගියෙක් මෙතෙක් ඉදිරිපත් නොවූ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ලොව ප්‍රථම වරට මෙම රෝගය සඳහා ඖෂධ අත්හදා බැලීමට දකුණු ඔස්ට්‍රේලියානු 69 හැවිරිදි කත්‍රිනා ජෙන්සන් ඉදිරිපත්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් මෝටර් නියුරෝන රෝගය වැළඳි පුද්ගලයතුගේ ආයු අපේක්ෂාව වසරකට සීමා වන අතර කත්‍රිනා ජෙන්සන් පසුගිය දෙසැම්බර් මස තමන්ට මෙම රෝගය වැළඳ ඇති බව තහවුරු කරගෙන තිබුණා.

මෝටර් නියුරෝන රෝගය වැලඳිමත් සමග ඇවිදීමට නොහැකි වීම, අංග චලනයක් අක්‍රමවත් වීම සහ කතා කිරීමට පවා නොහැකි වන බව සඳහන්.
කෙසේ වෙතත් මෝටර් නියුරෝන රෝගය සඳහා නිෂ්පාදිත ඖෂධය වරකට එක බැගින් මාස 12ක් අඛණ්ඩව භාවිතයෙන් රෝග අවධානම පාලනය කර හැකි බව වෛද්‍යවරුන් පැවසුව ද මෙතෙක් එම ඖෂධය අත්හදාබැලීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ.
මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් හමුව ඇති මෝටර් නියුරෝන රෝගීන් සංඛ්‍යාව 2100ක් වන අතර කත්‍රිනා ජෙන්සන් ගේ මෙම ඉදිරිපත්වීම අනාගත මෝටර් නියුරෝන රෝගීන් සඳහා ද පිහිවහලක් වනු ඇති