වයස 16 දී ඡන්ද අයිතිය දෙන්නැයි ඔස්ට්‍රේලියානු සිසුන්ගෙන් ඉල්ලීමක්

තමන්ට ද ඡන්ද අයිතිය හිමි විය යුතු බවට වයස අවුරුදු 16 වයස් සීමාවේ පසුවන තරුණ සිසු සිසුවියන් පිරිසක් ඉල්ලිම් කරනවා. 

 

ඔවුන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 16 දී රිය පැදවීමට, නීත්‍යානුකූලව ලිංගිකව එක්වීමට, බැංකු ගිණුමක් විවෘත කිරීමට, රැකියාවක් ලබා ගැනීමට, බදු ගෙවීමට, ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන්ගේ ලේඛනයේ සිටීමට සහ හමුදාවට බැඳීමට අයදුම් කිරීමට හැකි නම් ඡන්ද අයිතිය ද හිමි විය යුතු බවයි. 

 

2022 වසරේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අඩු කිරීමේ ජාතික ව්‍යාපාරයක් ද ආරම්භ කෙරුණු අතර තරුණ තරුණියන් විශාල පිරිසක් ඒ සමග මේ වන විට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. 

 

තරුණයින්ට වැඩිහිටියන්ගේ අදහස්වලට වෙනස් මත තිබීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම තුලින් සැලකිය යුතු ලෙස වෙනසක් ඇති වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. 

 

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් 2022 ෆෙඩරල් මැතිවරණයට අදාළව සිදු කළ විශ්ලේෂණයෙන් පෙන්නුම් කර තිබුණේ තරුණයින් ප්‍රධාන පක්ෂවලින් ඉවතට යාමේ ප්‍රවණතාවක් පවතින බවයි.

 

ෆෙඩරල් රජයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණ ද වයස අවුරුදු 16 පසුවන්නන්ට හෝ ඊට වැඩි අයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දීම පිළිබඳ මෙතෙක් ස්ථාවරයක් ප්‍රකාශ වී නැහැ. 

 

1901 වසරේ ඔස්ට්‍රේලියාව  බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයේදී ඡන්දය ප්‍රකාශයට සුදුසු වයස අවුරුදු 21ක් ලෙසට ප්‍රකාශ කෙරුණා. 

 

මීට වසර 51කට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 21 සිට 18 දක්වා අඩු කරන ලද්දේ එවකට කම්කරු අගමැති වූ ගෆ් විට්ලම් (Gough Whitlam) විසිනුයි.

 

දැනට, වයස අවුරුදු 16 ට වැඩි අයට ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි විය හැකි නමුත්, අවුරුදු 18 වන තුරු ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කිරීමට හැකියාවක් නැහැ.

 

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අවුරුදු 16ට වැඩි අයට ඡන්ද ප්‍රකාශයට අයිතියක් නොමැති වුව ද මෝල්ටාව, ආර්ජන්ටිනාව සහ කියුබාව

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »