සෑම සතියකම ඔස්ට්‍රේලියානු කාන්තාවක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඝාතනය වෙයි

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ත හිංසනය හේතුවෙන් සෑම සතියකම ඔස්ට්‍රේලියානු කාන්තාවක් තම වත්මන් හෝ හිටපු සහකරු අතින් ඝාතනය වන බව හෙළිව තිබෙනවා.

 

වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන් පිදුම් ලැබූ රෝසි බැටි සඳහන් කළේ ගෘහස්ත හිංසනය පාලනය සඳහා නව නීතිමය පද්ධතියක් ස්ථාපිත කිරීම අනිවාර්ය කළ යුතු බවයි.

 

ගෘහස්ත හිංසනය සඳහා සියයට 94ක් පිරිමි ප්‍රචණඩත්වය හේතු වන බව ප්‍රචණ්ඩත්වයට එරෙහි සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරී සාමාජිකාවන් වන රෝසි බැටි ප්‍රකාශ කළා.

 

වසර 10කට පෙර ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හමුවේ ඇයගේ 11 හැවිරිදි දරුවා ඔහුගේම පියා විසින් ඝාතනය කිරීමත් සමග රෝසි බැටි පවුල් ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරනු ලැබුවා.

 

පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පුරුෂයින්ගෙ සහය අවශ්‍ය බවද (National Press Club) නැෂනල් ප්‍රෙස් ක්ලබ් හි පැවති දේශනයක දී රෝසි බැටි සඳහන් කර තිබුණා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »