මාස තුනට ඔස්ට්‍රේලියාවේ Student Visa 50000ක් ප්‍රතික්ෂේප වෙයි

ඔස්ට්‍රේලියානු වේ Student Visa සඳහා පනවා ඇති නව නීති හේතුවෙන් මෙම වසරේ විදේශ සිසුන්ගෙන් ලැබීමට අපේක්ෂිත ආදායමින් ඩොලර් මිලියන 300කට ආසන්න අලාභයක් සිදුවන බව හෙළිව තිබෙනවා.

 

විසා අයදුම්පත් සංඛ්‍යාව අඩු කිරීම, විසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීම් ඉහළ යෑම සහ අලුතින් හදුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ප්‍රවිණතා විභාගය මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

 

පසුගිය මාර්තු 23වන දා සිට ඔස්ට්‍රේලියාවේ අධයාපනය සඳහා පැමිණෙන සිසුන් සත්‍ය සිසුන් ද යන්න පරික්ෂා කිරීමට හඳුන්වා දුන් නව ඉංග්‍රීසි භාෂා ප්‍රවිනතාව හේතුවෙන් ජාත්‍යන්තර සිසුන්ට මෙරට අධ්‍යපනය සඳහා තවදුරටත් සීමා පැනවෙනු ඇති.

 

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය ජනගහනය 2024 පෙබරවාරි වන විට 713145 වෙත ළඟා වූ අතර එය වාර්තාගත ඉහළ අගයක් ලෙස සඳහන්.

 

සංක්‍රමණ නිලධාරීන් විසින්  2023 නොවැම්බර් මස සිට 2024 පෙබරවාරි දක්වා ජාත්‍යන්තර සිසුන් 50000කට වැඩි පිරිසකගේ නව ශිෂ්‍ය වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

 

ඉකොනොමික් ටයිම්ස්( Ecomic Times) වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ වසර දෙකකට වැඩි කාල සීමාව තුළ පළමු වතාවට වීසා ඉල්ලුම්පත්‍රවල අඩුවීමක් මේ වන විට පෙන්නුම් කරන බවයි.

 

මේ අතර ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන්නේ 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි වන විට ශිෂ්‍ය වීසා  අයදුම්පත් සංඛ්‍යාව සියයට 8කින් පහත වැටි ඇති බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »