Search

ජැක්පොට් මිලියන 2 දිළිඳුන්ට බෙදන ඔස්ට්‍රේලියානු කත

ජැක්පොට් ලොතරැයි දිණුම් ඇදීමකින් ඩොලර් මිලියන 2ක ජයග්‍රාහී මුදලක් හිමි කර ගැනීමට ඇගිලේඩ් හි වයස්ගත මවක් සමත්ව තිබෙනවා.

 

මහලු වියෙහි පසුවන තමා මෙවැනි විශාල මුදලක් ජයග්‍රහනය කිරීම පුදුමයට කරුණක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

 

මෙලෙස ජයග්‍රහනය කළ ඩොලර් මිලියන 2ක මුදල ඇය විසින් දිළින්දන් සහ සමාජය තුළ තමන් අවාසනාවන්තැයි සිතන පිරිස් අතර බෙදා දීමට කටයුතු කරන බව ඇය සඳහන් කර තිබෙනවා.

 

ලොතරැයි ජයග්‍රාහිකාව ඇඩිලේඩ් හි පැරලෝවී ගම්මානයේ පදිංචිකාරිනියක් වන අතර ජයග්‍රාහි ටිකට් පත එම ගම්මානයෙන් මිලදී ගත්තක් බව සඳහන්.

 

තම ජයග්‍රාහි මුදල පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමටත් නිවාඩුවක් ගත කිරීම සඳහා යෙදවීමටත් අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත්  සඳහන් කර ඇත්තේ.

 

ජයග්‍රාහි කාන්තාව පැරලෝවී ගම්මානයේ පළමු ජැක්පොට් ජයග්‍රාහිකාව නොවන අතර මීට පෙර 2013 වසරේ දි මිලියන 15ක ජැක්පොට් ජයග්‍රාහකයෙක් පැරලෝවී ගම්මානයෙන් බිහිව තිබෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »