ඔස්ට්‍රේලියාවේ ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකතන 126% කින් ඉහළට

2024 වසරේ ජනවාරි මස වන විට ලොව පුරා අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ අනුව ලෝක ජනගහනයෙන් බිලියන 5.35ක් පසුගිය ජනවාරි මස වන විට අන්තර්ජාලය භාවිත කර ඇති අතර එම අගය ගෝලීය ජනගහනයෙන් සියයට 66.2 ක් ලෙස සදහන්.

 

ලොව ජනගහනයෙන් බිලියන 5.04ක් පසුගිය ජනවාරි මස සමාජමාධ්‍ය භාවිත කර ඇති අතර එම අගය ලෝක ජනගහනයෙන් සියයට 62.3ක් ලෙසයි වාර්තා වන්නේ.

 

මේ අතර ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් මිලියන 20.8ක් පසුගිය ජනවාරි මාසයේදී සමාජ මාධ්‍ය භාවිතා කර ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ මුලු ජනගහනයෙන්  සියයට 78.3 ක් ලෙසයි. 

 

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාලය භාවිත කරන්නන් මිලියන 25.21 ක් සිටි අතර එම අගය සමස්ථ ජනගහනයෙන් සියයට 94.9 ක් ලෙස සදහන්.

 

ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකතන භාවිතය අනුව ජනවාරි මස වන විට සක්‍රිය ජංගම දුරකතන මිලියන 33.59ක් භාවිත කර ඇති අතර එම අගය මෙරට ජනගහනය හා සැසදීමේදී සියයට 126.4ක ඉහළයෑමක් බව සදහන් වනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »