යුනෙස්කෝ උරුමයක් වූ රත්‍රං වැසිකිළියේ සොරුන් හසුවෙයි

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති වින්ස්ටන් චර්චිල් උපන් මාලිගය වන Blenheim මාලිගයේ කැරට් 18ක සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකි රත්‍රං වැසිකිළියක් කොල්ලකෑමේ සිදුවීමක් පිළිබඳව මීට ඉහත විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වූණා

එලෙස වාර්තා වූ එම සිදුවීම සම්බන්ධයෙන් අයෙක් වරද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අනුව 39 හැවිරිදි ජේම්ස් ෂීන් නැමැත්තා අඟහරුවාදා (02) ඔක්ස්ෆර්ඩ් ක්‍රවුන් උසාවියේදී සොරකම් කිරීම, අපරාධ දේපළ පරිවර්තනය කිරීම හෝ පැවරීම සහ එලෙස කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

ඔහු දැනටමත් මුදල් වංචා ඇතුළු සොරකම් මාලාවකට වසර 17ක සිර දඬුවමක් විඳිමින් සිටින බව සඳහන්.

චෝදනා එල්ල වූ අනෙක් අය වූයේ මයිකල් ජෝන්ස් (38) ෆ්‍රෙඩ් ඩෝ (35) සහ බෝරා ගුකුක් (39) යන අයයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම පුද්ගලයින් තිදෙනා නිවැරැදිකරුවන් ලෙස පිළිගෙන ඇති බවයි.

මෙම පුද්ගලයින් ලබන වසරේ පෙබරවාරි මාසයේදී නඩු විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටින බව සඳහන්.

මෙලෙස සොරකම් කරන ලද රන් වැසිකිළිය ඩොලර් මිලියන 6කට අධික වටිනාකමකින් යුත් අතර, එය සම්පුර්ණයෙන්ම කැරට් 18 රත්තරන්වලින් නිමවූවක්

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »