ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කලාප දෙකකට 200mm ඉක්මවු වැසි ජනතාවට අවදානයෙන් ඉන්න උපදෙස්

නැගෙනහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් අපේක්ෂා කෙරෙන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බවටයි පැවසෙන්නේ.

ඉදිරි පැය 48 තුළ දැඩි වර්ෂාපතනයක් නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට බලපෑම් එල්ල කරනු ඇති අතර, කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කළේ දකුණු ක්වීන්ස්ලන්තයේ සිට නිව් සවුත්වේල්ස්හි දකුණු වෙරළ තීරය දක්වා ගංවතුර බලපෑම් මතු විය හැකි බවයි.

සිඩ්නි සහ තදාසන්න ප්‍රදේශවලට අද සවස සිට සෙනසුරාදා පෙරවරුව දක්වා කාලය තුළ මිලිමීටර 200ක පමණ වර්ෂාපතනයක් ඇද හැළෙනු ඇති බවටයි සැලකෙන්නේ.

මේ හේතුවෙන් නේපීන් ගංගාවේ විශාල ගංවතුර අවදානමක් පවතින අතර බ්‍රිස්බේන් සහ කැන්බරා නගර ආශ්‍රිතව ද ද අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙනවා.

අද මධ්‍යම රාත්‍රිය වන විට නිව් සවුත්වේල්ස් උතුරු ගංගා ඇතුළුව බ්ලැක්කෝල් සිට බ්‍රිස්බේන් දක්වා මිලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකියි.

ඔස්ට්‍රේලියාව ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම මෙම කාලගුණය තත්ත්වයට හේතුවක් බව සඳහන්.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »