ස්මාර්ට්ෆෝන් සහ සමාජ වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් පුද්ගල ජීවිතයේ ආතතිය ඉහළ යාමක් සිදු වන අතර එය ඵලදායීතාවට ද හානිදායක බව විශේෂඥයින් පවසනවා.
බොහෝ දෙනෙකු ස්මාර්ට් ජංගම දුරකතනය කිසිදු අරමුණක් හෝ සිහිකල්පනාවකින් තොරව භාවිතා කිරීමට වැඩි කාලයක් ගත කරන බවයි සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.
ස්නායු කාර්ය සාධන විද්‍යාඥ ක්‍රිස්ටි ගුඩ්වින් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් දිනකට පැය තුනක් පමණ තම ඩිජිටල් උපාංග සමග ගත කරන අතර ඒ සමඟ එන ගැටලු රැසක් ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ සහ ලොව පුරා මානසික ආතතිය හා මරණ අනුපාත විශාල ලෙස වර්ධනය වෙමින් පවතින අතර ඩිජිටල් පුරුදු ඊට ප්‍රධාන හේතුවක් බවයි ආචාර්ය ගුඩ්වින් පවසන්නේ.
කෙසේ වෙතත් ස්මාට් ජංගම දුරකතනයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවාට වඩා එය සමඟ සෞඛ්‍ය සම්පන්න, වඩා තිරසාර, ඵලදායී සබඳතා වර්ධනය කර ගැනීමට කළ හැකි සරල වෙනස්කම් ඇති බව ඇය පෙන්වා දෙනවා.
පොතක් කියවීම, නව අදහස් ගැන මෙනෙහි කිරීමට හෝ බාධාවකින් තොරව සංවාද තුලින් ඉවත් වීම වැනි පුරුදු ඇති කර ගැනීම තුලින් ජීවිත වෙනස් කර ගත හැකි බව ඇය සඳහන් කළා.
ඉහළ මට්ටමේ අවධානයක් අවශ්‍ය වන ක්‍රියාකාරකම් වලදී දුරකථනය නොපෙනී තබා ගන්නා ලෙස ආචාර්ය ගුඩ්වින් යෝජනා කර තිබෙනවා.