ගතවූ මාස 3ට ශ්‍රී ලාංකිකයින් 75000ක් රට රැකියා වලට යයි

2024 මුල් මාස 3 තුළදී ශ්‍රි ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඉන් 34,599 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවූ කාන්තාවන් වන අතර එම ප්‍රමාණය අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් සියයට 46 ක්.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 39,900 ක් බවත් සඳහන්.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 17,793 ක්.

ඒ අනුව 2024 මුල් මාස 3 තුළදී පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 2,374 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 2,114 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 1,899 දෙනෙකු හා

ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 1,947 දෙනෙකු පිටත්ව ගොස් තිබීම බවයි කාර්යාංශය පවසන්නේ.

එසේම රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් 2024 මුල් මාස 2 තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 963.8 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයිද කාර්යාංශය පවසනවා.

2023 වසරේ මුල් මාස 3 තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ගණන 76,025 ක්.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »